මුම්බාය අවසන් වටයට තවත් ළං වෙයි – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 48 වන තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැදී සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

මෙම ජයග්‍රහනයත් සමග ප්‍රසාද ලකුණු 16ක් හිමි කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව ඇතත් ඔවුන්ට තවමත් අවසන් වටයේ(playoffs) ස්ථානයක් වෙන් කර ගැනීමට හැකි වී නොතිබීම විශේෂත්වයක්.

මේ වන විට මෙවර තරගාවලියේ තරග 48ක් අවසන්ව ඇතත්, කිසිදු කණ්ඩායමක් මෙතෙක් අවසන් වටයේ ස්ථානයක් තහවුරු කර ගෙන නොමැති අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැර සෙසු සියලු කණ්ඩායම් සදහා තවදුරටත් එම අවස්ථාව විවෘතව පැවතීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත්, හෙට(29) පැවැත්වෙන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් වුවහොත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් වවටයේ සිය ස්ථානය තහවුරු කර ගනු ඇති.

අද(28) පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් පිල කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.

ජොෂ් ෆිල්පි ලකුණු33ක් සහ දෙව්දත් පඩික්කල් ලකුණු 74ක් රැස් කරමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 71ක්.

කෙසේ වෙතත්, බැංගලෝර් මැදපෙල අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට තිබූ අවස්ථාව මග හැරුණා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 14කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර් යාදෙව් පන්දු 43කින් නොදැවී ලකුණු 79 ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමගින්.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් සහ යුස්වේන්ද්‍ර චහෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

බැංගලෝර් පිල වෙනුවෙන් මෙම තරගය සදහා  මොයීන් අලී වෙනුවට විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළේ ඩේල් ස්ටේන්.

කෙසේ වෙතත්,ඩේල් ස්ටේන් මෙම තරගයේ දී ලකුණු 43ක් ලබා දී කිසිදු කඩුල්ලක් දවා ගත්තේ නැහැ.

මෙම තරගයෙන් පරාජයට පත් වුව ද බැංගලෝර් පිල ප්‍රසාද ලකුණු 14ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් දෙවන ස්ථානයේ රැදී සිටින අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...