කෝලි – සූර්යකුමාර් ගැටුම සහ සූර්යකුමාර්ගේ අමුතු සැමරුම

Date:

සූර්යකුමාර් යාදේව් ඊයේ රැස් කළ ලකුණු 79 ක නොදැවුණු ඉනිම රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමට එරෙහිව අත්‍යවශ්‍ය ජයග්‍රහණයක් වාර්තා කිරීම සදහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මග පෑදුවා.

එම ජයග්‍රහණයත් සමගින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 16 ක් දිනාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රඳවාගැනීමට සමත්වුණා.

තවමත් නිල වශයෙන් අවසාන වටයේ ක්‍රීඩා කරන කිසිදු කණ්ඩායමක් තීරණය වී නොමැති නමුත් බැන්ගලෝර් පිළට එරෙහිව ඊයේ ලද එම ජයග්‍රහණයත් සමගින් මුම්බායි කණ්ඩායමට අවසන් වටයට පිවිසීමේ හැකියාව මේ වන විට ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දී රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම ලබාදුන් ලකුණු 165 ක ඉලක්කය මුම්බායි කණ්ඩායම හඹා යමින් සිටි අවස්ථාවේ බැංගලෝර් කණ්ඩායමට මහත් තර්ජනයක් වූ සූර්යකුමාර් යාදේව්ගේ කඩුල්ල දවාගැනීමට බැන්ගලෝර් පන්දු යවන්නන් අසමත් වීම හේතුවෙන් නායක විරාට් කෝලි යම් බහින් බස්වීමකට අර අදිමින් සූර්යකුමාර් යාදේව් සමග ගැටීමට උත්සහා කිරීමක් ද මෙම තරගයේ දී කැමරා කාචයේ සටහන්ව තිබුණා.

එම අවස්ථාවේ ඉතාමත් සාමකාමීව හා බුද්ධිමත්ම කටයුතු කළ සුර්යකුමාර් ගැටුමකට පැටලීමෙන් තොරව එතනින් නික්මයාමට කටයුතු කළා.

විරාට් කෝලිගේ එම ක්‍රියාකලාපය හමුවේ සූර්යකුමාර් යාදේව් ප්‍රතික්‍රියා කළ අන්දම බොහෝ ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබෙණු දක්නට ලැබෙනවා.

මීට දින කිහිපයකට පෙර එළඹෙන ඕස්ට්‍රේලියානු තරග සංචාරය සදහා නම් කෙරුණු ඉන්දීය සංචිතයට ඉන්දිය ප්‍රිමියර් ලීගයේ මේවන විට දක්ෂතා දක්වමින් සිටින සූර්යකුමාර් යාදේව්ගේ නම ඇතුළත්ව නොතිබීම ද මේ වනවිට බොහෝ දෙනෙකුගේ වැඩි කතා බහකට ලක්ව ඇති කරුණක්.

ඊයේ පැවැති තරගය ජය ගැනීමෙන් අනතුරුව සූර්යකුමාර් යාදෙව් එය සැමරූ ආකාරය ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

මේ අතර, මෙම තරගයේ දී හර්ඩික් පාන්ඩ්යා දැවීයාමෙන් පසුව ද පාන්ඩ්යා සහ බැංගලෝර් ක්‍රීඩකයින් අතර යම් වචන හුවමාරුවක් සිදු වනු දක්නට ලැබුණා.

එම සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...