නවතම ICC කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට ඉදිරියට

Date:

නවතම අයි.සී.සී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදා ශ්‍රී ලංකාව අද(14) ලැබූ තරග 2-0 ක තරගාවලි ජයත් සමග ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

මීට පෙර ශ්‍රේණිගත ලකුණු 98 කට හිමිකම් කියූ ශ්‍රී ලංකාවට මේ වන විට ශ්‍රේණිගත ලකුණු 99 ක් හිමියි.

ශ්‍රේණිගත ලකුණු 99 ක් ලබා ගනිමින් මෙතෙක් 5 වැනි ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකාව මේ වන විට 6 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

මේ අතර, පාකිස්තානය දෙවැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණ ඇති අතර, ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානය දක්වා පියවරකින් පසුබැසීමකට ලක්ව ඇති බවයි නවතම අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්හි දක්නට ලැබෙන්නේ.

ICC එක්දින ශ්‍රේණිගත කිරීම් –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...