ශූරයින්ගේ කුසලානයේ ත්‍යාග මුදල් ප්‍රමාණය 53% කින් ඉහළට

Date:

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී පිරිනැමීමට නියමිත ත්‍යාග මුදල් පිළිබද තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(14) නිවේදනය කළා.

ඒ අනුව එළඹෙන 19 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියේ ශූරයින්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.24 (රුපියල් කෝටි 65 ක් පමණ) මුදලක් පිරිනැමීමට නියමිතයි.

අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායම වෙනුවෙන් වෙන් කර ඇති ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.12 ක්. එනම් රුපියල් කෝටි 32 ක පමණ අගයක්.

අවසන් පූර්ව තරග පරාජයට පත් වන රටවල් දෙක සදහා ඩොලර් 560,000 බැගින් (රුපියල් කෝටි 16 බැගින්) හිමිවනවා.

මෙවර තරගාවලිය වෙනුවෙන් අයි.සී.සීය වෙන් කර ඇති සමස්ත ත්‍යාග මුදල ඩොලර් මිලියන 6.9 ක්. (රුපියල් කෝටි 203 ක්)

එය පසුගිය 2017 ශූරයින්ගේ කුසලාන තරගාවලිය හා සැසදීමේදී 53% ක ඉහළ නැංවීමක්.

තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායමක් ලබන සෑම ජයග්‍රහනයක් වෙනුවෙන්ම ඩොලර් 34,000 ක (රුපියල් කෝටියක්) මුදලක් හිමිවනවා.

5 වැනි හා 6 වැනි ස්ථානවලින් තරගාවලිය අවසන් කරන රටවල් දෙකට ඩොලර් 350,000 බැගින් ද, 7 වැනි හා 8 වැනි ස්ථාන හිමි කර ගන්නා රටවල් දෙකට ඩොලර් 140,000 බැගින් ද හිමි වනු ඇති.

මීට අමතරව තරගාවලියට ක්‍රීඩා කරන සෑම කණ්ඩායමකටම ඩොලර් 125,000 බැගින් ද වෙන් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...