ගිල්ගේ ශතකය හා කෝලි, අයියර්ගේ අර්ධ ශතක හමුවේ ඉන්දියාවට 3-0 ක ජයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 142 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව අද(12) සමත් වුණා.

අහ්මදාබාද්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ සියලු දෙනා දැවී ලකුණු 356 ක් රැස් කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 34.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 214 ක් පමණයි.

ටොම් බැන්ටන් හා ගස් ඇට්කින්සන් ලකුණු 38 බැගින් ලබා ගත් අතර, බෙන් ඩකට් ලකුණු 34 ක් ලබා ගත්තා.

පන්දුවාර හයක් අවසන් වන විට එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 60 ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වූ නමුත්, අනතුරුව දිගින් දිගටම කඩුලු බිද වැටීමත් සමග ඔවුන්ගෙන් තරගය ගිලිහී ගියා.

පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං, හර්ෂිත් රානා, අක්සාර් පටෙල් හා හර්ඩික් පාන්ඩ්යා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් ෂුබ්මන් ගිල් ලකුණු 112 ක් රැස් කළේ පන්දු 102 කින් හයේ පහර 3 ක් හා හතරේ පහර 14 ක් සමගින්.

ෂ්රෙයස් අයියර් ලකුණු 78(64) ක් හා විරාත් කෝලි ලකුණු 52(55) ක් රැස් කළා.කේ එල් රාහුල් ලකුණු 40(29) යි.

පන්දු යැවීමේදී අඩිල් රෂිඩ් ලකුණු 64 ක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...