Watch : සල්මාන් අලී ආගා තනි අතින් රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුව

Date:

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට පාකිස්තාන ක්‍රීඩක සල්මාන් අලී ආගා සමත් වුණා.

දකුණු අප්‍රිකාව සමග පැවැති මෙම තරගයේදී දකුණු අප්‍රිකා පිතිකරු Matthew Breetzke දවා ගැනීම සදහායි ඔහු එම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ. (දර්ශන කිහිපයක් පහතින්)

Short cover ප්‍රදේශයේ පන්දු රකිමින් සිටියදී සල්මාන් ආගා තනි අතකින් මෙම උඩ පන්දුව රැක ගත් අතර, ඒ වන විට Breetzke ලබා සිටි ලකුණු සංඛ්‍යාව 83 ක්.

කුෂ්දිල් ශාහ් යොමු කළ පන්දුවක් හමුවේයි මෙම කඩුල්ල බිද වැටුණේ.

අදාළ තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ලකුණු 352 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 355 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...