“මේ ඉන්දීය කණ්ඩායම මට ඉන්දියාවේදීම පරාජය කරන්න පුලුවන්” : අර්ජුනගෙන් සැර කතාවක්

Date:

1996 වසරේදී තමන් නායකත්වය දැරූ ශ්‍රී ලංකා කණ්ඩයමට වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පහසුවෙන්ම ඉන්දියාවේදීම පරාජයට පත් කළ හැකි බව ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග පවසනවා.

Telegraph වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ වත්මන් ක්‍රීඩකයින්ගේ කුසලතාවල අඩුවක් පවතින බවයි.

එමෙන්ම ෆ්‍රැන්චයිස් තරගාවලි හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව පහතට ඇද වැටී ඇති බව ද අර්ජුන රණතුංග පෙන්වා දෙනවා.

“මම නායකත්වය දරන විට 90 දශකයේ මුල, ක්‍රීඩකයෙකු විදිහට බලන්න ඒ පිතිකරණ ලැයිස්තුව. ගවස්කාර්, වෙන්ග්සර්කාර්, අමර්නාත්. අපිට බෑ ඔවුන්ව දෙවරක් දවා ගන්න. පස්සේ අසරුදීන්, තෙන්ඩුල්කාර්, විනෝද් කම්බ්ලි, ඩ්‍රාවිඩ්.” යනුවෙන් ශ්‍රී ලංකා හිටපු නායකයා සදහන් කළා.

“එයාලා සුපිරි දක්ෂතාවයක් ඇති ක්‍රීඩකයින්. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මාව වැරැදියට තේරුම් ගන්න එපා. ඒ දක්ෂතාවය දැන් ඉන්දියාවේ තියෙනවාද? මම හිතන්නේ නැහැ. මම ඔබේ මූනට කියන්නම්. මේ ඉන්දීය කණ්ඩායම 1996 මගේ කණ්ඩායම සමග ක්‍රීඩා කළොත්, මම ඔවුන්ව දෙපාරක් දවා ගන්නවා. මම ඉන්දියාව ඉන්දියාවේදීම පරාජයට පත් කරනවා.”

විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවක නිරත විය හැකි දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරීම සදහා ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද අසමත්ව ඇති බවයි ඔහුගේ අදහස වී ඇත්තේ.

“විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවක් ගැන අපේ තරුණ අයට අපි කියලා දෙනවාද? ඉන්දියාවට පුලුවන්ද ගවස්කාර්ලා, වෙන්ග්සර්කාර්ලා, අමර්නාත්ලා බිහි කරන්න? තෙන්ඩුල්කාර්ලා, ඩ්‍රාවිඩ්ලා? අවංකවම කියන්න, මට දැන් සැකයි. ශ්‍රී ලාංකිකයින් වන අපිටත් මේ ප්‍රශ්නයම තියෙනවා.”

“මම සතුටු වෙනවා වත්මන් ක්‍රීඩකයින්ට හොදට සල්ලි හම්බෙනවා. ඔබ බලන්නේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් දෙස. ක්‍රීඩකයින්ට අවස්ථාව දීලා තියෙනවා තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා නොකර ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරන්න. ඔබ මා සමග එකග වේවි තවත් අවුරුදු පහකින්. අවසානයේදී ඔබේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ වටිනාකම නැති වෙලා යාවි. තවත් වසර 5 කින් විතර ඔවුන් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් විතරක් සෙල්ලම් කරයි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...