ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියට සියල්ල සූදානම් ; ඉතිහාස ජය පරාජ වාර්තා මෙන්න

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට(12) ආරම්භ වනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා තරග ලෙස එක්දින තරග දෙකම පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව පළමු තරගය හෙට පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගත් ඔස්ට්‍රේලියාව මෙම තරගාවලියට ඉහළ මානසිකත්වයක් යටතේයි හෙට තරග බිමට පිවිසෙන්නේ.

දෙරටේ එක්දින තරග ඉතිහාස දත්ත වාර්තා –

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර මේ දක්වා එක්දින තරග 103 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 64 ක් ජය ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවයි. ශ්‍රී ලංකාව එක්දින තරග 35 ක් ජය ගෙන ඇති අතර, තරග 4 ක් ප්‍රතිපලයකින් තොරවයි අවසන්ව ඇත්තේ.

දෙරට අතර මේ දක්වා ද්විපාර්ශ්වික එක්දින තරගාවලි 8 ක් පවත්වා තිබෙනවා. ඉන් තරගාවලි 4 කම ජය ශ්‍රී ලංකාව හිමි කර ගෙන ඇති අතර, ඔස්ට්‍රේලියාව ජය ගෙන ඇත්තේ තරගාවලි 3 ක් පමණයි. එක් තරගාවලියක් සමව අවසන් වුණා.

මේ අතර, ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ශ්‍රී ලංකාවේදී මේ දක්වා එක්දින තරග 35 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 17 ක් ශ්‍රී ලංකාවත්, තරග 15 ක් ඔස්ට්‍රේලියාවත්, ජය ගෙන ඇති අතර, තරග 3 ක් අවසන් වුණේ ප්‍රතිපලයකින් තොරවයි.

ශ්‍රී ලංකාවේදී මෙම කණ්ඩායම් දෙක අතර පවත්වා ඇති එක්දින තරගාවලි හයෙන් ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව තරගාවලි 3 බැගින් ජය ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...