IPL ප්‍රධාන කණ්ඩායමක හිමිකාරීත්වයේ ප්‍රබල වෙනසක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගනිමින් එහි වැඩි අයිතිය ලබා ගැනීමට ඉන්දියානු ව්‍යාපාර සමූහයක් වන Torrent Group සූදානමින් පසුවනවා.

2021 වසරේදී CVC Capital Partners විසින් ගුජරාට් කණ්ඩායම මිලදී ගත් අතර, එම කණ්ඩායමේ කොටස්වලින් 67% ක් Torrent Group විසින් මිලදී ගැනීමට නියමිතව ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

එම කොටස්වල වටිනාකම කොපමණ ද යන්න පිළිබද තොරතුරු මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

මෙම කොටස් මිලදී ගැනීම වෙනුවෙන් අයි.පී.එල් සංවිධායකයින්ගේ අනුමැතිය ලැබීමෙන් පසුව මාර්තු 21 වැනිදා ආරම්භ වන 2025 අයි.පී.එල් තරගාවලියේ සිට Torrent Group විසින් එම කණ්ඩායමේ වැඩි හිමිකාරීත්වය ලබා ගැනීමට ඉඩ තිබෙනවා.

2021 වසරේදී CVC Capital Partners විසින් ගුජරාට් කණ්ඩායමේ හිමිකාරීත්වය මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 5,625 ක මුදලකටයි.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම 2022 වසරේදී පළමු වරට අයි.පී.එල් තරගාවලියට එක් වූ අතර, එම අදියරේදී ශූරතාවය දිනා ගත් ඔවුන් 2023 අදියරේදී අනුශූරතාවය හිමි කර ගත්තා. 2024 තරගාවලියේදී ගුජරාට් කණ්ඩායමට හිමි වූයේ 8 වැනි ස්ථානයයි.

Torrent සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Torrent Sports Ventures Private Limited සමාගම 2021 වසරේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නව ෆ්‍රැන්චයිස් කණ්ඩායම් දෙකක් තරගාවලියට එක් කිරීම සඳහා පවත්වන ලද වෙන්දේසියේ අවසන් ලංසුකරුවන් නව දෙනා අතරට ද ඇතුළත්ව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...