Breetzke ගේ වාර්තාගත 150 අපතේ යයි – විලියම්සන්ගේ 133* නවසීලන්තය අවසන් තරගයට රැගෙන යයි

Date:

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා කඩුලු හයක සුපිරි ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද(10) සමත් වුණා. ඒ අනුව ක්‍රීඩා කළ තරග දෙකම ජය ගත් නවසීලන්තය තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ලාහෝර්හීදී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 305 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය කඩුලු 4 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට පන්දු 8 ක් ඉතිරිව තිබියදීයි.

කේන් විලියම්සන් නොදැවී ලකුණු 133 ක් පන්දු 113 කින් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ හයේ පහර 2කින් හා හතරේ පහර 13 කින් සිය ඉනිම වර්ණවත් කරමින්.

ඩෙවෝන් කොන්වේ ලකුණු 97 ක් රැස් කළා. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 187 (155) ක්. විලියම්සන් හා කොන්වේ එක්දින තරගාවලියක් ක්‍රීඩා කරන්නේ 2023 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පළමු වරටයි.

පන්දු යැවීමේදී සෙනුරන් මුතුසාමි ලකුණු 50 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 304 ක් ලබා ගත්තේ කඩුලු හයක් දැවී සිටියදීයි.

සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ Matthew Breetzke පන්දු 148 කින් ලකුණු 150 ක් රැස් කළා. ඔහු වාර්තා අතරට එක් වුණේ එක්දින ඉතිහාසයේදී සිය මංගල තරගයේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරු ලෙසයි.

වියාන් මෝල්ඩර් ලකුණු 64 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී මැට් හෙන්රි හා විල් ඕරෝක් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ලබන බදාදා පැවැත්වෙන දකුණු අප්‍රිකා-පාකිස්තාන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී නවසීලන්තය සමග තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...