ILT20 ශූරතාවය දසුන්ගේ Dubai Capitals කණ්ඩායමට

Date:

International League T20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Dubai Capitals කණ්ඩායම සමත් වුණා.

ඒ, ඩුබායිහි පැවැති අවසන් මහා තරගයේදී Desert Vipers කණ්ඩායම පරදා කඩුලු 4ක ජයක් හිමි කර ගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් Desert Vipers කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තා.

Max Holden ලකුණු 76(51) ක් රැස් කළේ හතරේ පහර 12 ක් සමගින්. නායක Sam Curran නොදැවී ලකුණු 62(33) යි.

පන්දු යැවීමේදී Obed McCoy ලකුණු 44 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Dubai Capitals කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු හයක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Rovman Powell පන්දු 38 කින් ලකුණු 63 ක් වාර්තා කළ අතර, Sikandar Raza නොදැවී ලකුණු 34(12) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. දසුන් ශානක හයේ පහර 2ක් සමග පන්දු 10 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 21 ක්.

පන්දු යැවීමේ දී Mohammad Amir හා David Payne කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...