SA20 ශූරතාවය MI Cape Town කණ්ඩායමට

Date:

දකුණු අප්‍රිකාවේ පැවැති SA20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ජය ගැනීමට රෂීඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුත් MI Cape Town කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේදී පසුගිය තරගාවලි දෙකේම ශූරයින් වූ Sunrisers Eastern Cape කණ්ඩායම පරදා ලකුණු 76 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

ජොහැනස්බර්ග්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Cape Town කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත්තා.

Connor Esterhuizen ලකුණු 39 ක්, Dewald Brevis ලකුණු 38 ක් හා Ryan Rickelton ලකුණු 33 ක් ලබා ගත්තා.

පන්දු යැවිමේදී Marco Jansen, Richard Gleeson හා Liam Dawson කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Eastern Cape කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දුවාර 18.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 105 ක් පමණයි.

Tom Abell ලකුණු 30 ක් රැස් කළ අතර, Tony de Zorzi ලකුණු 26 යි. පන්දු යැවීමේදී Kagiso Rabada ලකුණු 25 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...