මැන්චෙස්ටර් කණ්ඩායමේ අයිතිය IPL කණ්ඩායම් හිමිකරුවෙකුට

Date:

එංගලන්තයේ හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායමේ කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකරු වන Sanjiv Goenka ගේ සභාපතිත්වයෙන් යුත් RPSG සමූහය සමත්ව තිබෙනවා.

මෙතෙක් Lancashire ප්‍රාන්තය විසින් පාලනය කරන ලද මැන්චෙස්ටර් කණ්ඩායම වෙනුවෙන් වෙන්දේසියේදී RPSG සමූහය ඉදිරිපත් කළ පවුම් මිලියන 116 ක (රුපියල් කෝටි 4309) ලංසුව ජයග්‍රහනය කළ අතර, ඒ අනුව එම කණ්ඩායමේ කොටස්වලින් 70% ක් RPSG සමූහය වෙත ලබා දීමටයි Lancashire බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව හන්ඩ්‍රඩ් කණ්ඩායමක වැඩි කොටස් ප්‍රමාණයක අයිතිය හිමි කර ගන්නා පළමු ආයෝජකයා බවට පත් වන්නේ RPSG සමූහයයි.

මෙතෙක් කොටස් මිලදී ගත් සෑම කණ්ඩායමක් සදහාම ප්‍රාන්ත බලධාරීන් විසින් ලබා දෙනු ලැබුවේ 49% ක කොටස් පමණයි.

පසුගිය සතියේදී කණ්ඩායම් 4ක කොටස් අලෙවි වූ අතර, ඒ අනුව මේ වන විට අලෙවි වූ කණ්ඩායම් පහ වෙනුවෙන් ලැබී ඇති සමස්ත ආදායම පවුම් මිලියන 366 ක් පමණ වනවා.

RPSG සමූහය දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලියේ Durban Super Giants කණ්ඩායමේ ද හිමිකරුවන් වනවා.

මීට පෙර London Spirit කණ්ඩායමේ කොටස් මිලදී ගැනීම සදහා ද RPSG සමූහය ලංසු ඉදිරිපත් කළ නමුත්, ඔවුන්ට එම කණ්ඩායමේ කොටස් හිමි කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. Nikesh Arora ගේ නායකත්වයෙන් යුත් සිලිකන් නිම්න තාක්ෂණික එකමුතුවක් විසින් එම කණ්ඩායමේ කොටස් 49% ක් මිලදී ගත්තේ පවුම් මිලියන 145 ක මිලකටයි.

සරේ ප්‍රාන්තයේ පාලනයේ පැවැති ඕවල් ඉන්වින්සිබල්ස් කණ්ඩායමේ කොටස්වලින් 49% ක කොටස් මිලදී ගැනීමට පසුගිය සතියේදී මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් වන Reliance Industries සමාගම සමත් වුණා. ඒ, පවුම් මිලියන 60 ක පමණ මිලකටයි.

Warwickshire ප්‍රාන්ත පාලනයේ පැවැති Birmingham Phoenix කණ්ඩායමේ කොටස්වලින් 49% ක් මිලදී ගත්තේ Birmingham City හිමිකරුවන් වන Knighthead Capital සමාගමයි. පවුම් මිලියන 41 ක පමණ මිලක් ඔවුන් එම කොටස් වෙනුවෙන් ගෙවනු ඇති.

තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයෙකු වන Sanjay Govil විසින් Glamorgan පාලනයේ පැවැති Welsh Fire කණ්ඩායමේ කොටස් 49% ක් මිලදී ගත්තා. ඒ, පවුම් මිලියන 40 ක මුදලකටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...