දිමුත් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

Date:

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක හා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග එළඹෙන 6 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය ඔහු ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගය වන අතර, එම තරගයෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බවයි දිමුත් Daily FT වෙත සදහන් කර ඇත්තේ.

එමෙන්ම මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පෙබරවාරි 14 සිට 16 වැනිදා දක්වා කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත එන්.සී.සී කණ්ඩායමට එරෙහි තරගයේදී එස්.එස්.සී කණ්ඩායම නියෝජනය කරමින් දිමුත් සිය අවසන් පළමු පෙල තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග ලබන මාසයේදී ඔස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමට සූදානමින් පසුවනවා.

පසුගිය වසරේදී ටෙස්ට් ක්‍රිකට් පිටියේදී සාර්ථක පිතිහරඹයක නිරත වීමට දිමුත්ට හැකියාවක් නොලැබීමත් සමග කණ්ඩායමේ ඔහුගේ ස්ථානය පිළිබද යම් අවිනිශ්චිත තත්ත්වයක් ද හට ගෙන තිබුණා.

සිය වත්මන් දක්ෂතා පිළිබද මෙන්ම ශ්‍රී ලංකාවට වසරකදී ලැබෙන අඩු ටෙස්ට් තරග සංඛ්‍යාව පිළිබද සලකා බලා තමන් මෙම තීරණය ගත් බවයි දිමුත් සදහන් කළේ.

“ඇන්ජි [ඇන්ජලෝ මැතිව්ස්] සහ චන්දි [දිනේෂ් චන්දිමාල්] වැනි අනෙකුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමඟ කතා කිරීමෙන් පසු මම විශ්‍රාම ගැනීමට තීරණය කළා. අපි තුන්දෙනාම එකවර විශ්‍රාම යනවාට වඩා, අපි එක්කෙනා එක්කෙනා විශ්‍රාම යන එක හොඳයි.” යනුවෙන් දිමුත් කියා සිටියා.

“අඩු ටෙස්ට් සංඛ්‍යාවක් ක්‍රීඩා කරන නිසා මගේ මීළඟ ඉලක්කය වන ලකුණු 10,000 ට යාමට මට නොහැකි බව මා දන්නවා. ඒ නිසා මම මුලින්ම විශ්‍රාම යාමට සිතුවා. මම මේ දක්වා ලබා ඇති දේ ගැන මට සතුටුයි. මගේ 100 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනවා වගේ සතුටුදායක මොහොතකින් මගේ විශ්‍රාම ගැනීම නිවේදනය කරන්න මම කැමතියි.”

දිමුත් මේ දක්වා ටෙස්ට් තරග 99කදී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,172 ක්. ඊට ශතක 16 ක් හා අර්ධ ශතක 39 ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...