ටෙස්ට් තරගයත් ජය ගත් ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 16-0 ක් ලෙස අළුබදුන ජය ගනියි

Date:

එංගලන්තය සමග පැවැති කාන්තා අළුබදුන තරග මාලාව ප්‍රසාද ලකුණු 16-0 ක් ලෙස පූර්ණ තරගාමාලා ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ(1) සමත් වුණා.

ඒ, මෙල්බර්න්හීදී දෙරට අතර පැවැති ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ඉනිමක හා ලකුණු 122 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 170 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 440 ක්.

අනතුරුව එංගලන්තයට සියලු දෙනා දැවී දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 148 ක් පමණයි.

ඒ අනුව දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග 3-0 ක් ලෙසත්, එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙසත් ජය ගෙන සිටි ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගයද ජය ගැනීමත් සමග ප්‍රසාද ලකුණු 16 ක් හිමි කර ගනිමින් අපරාජිතවම අළුබදුන ශූරතාවය දිනා ගත්තා.

කාන්තා අළුබදුන තරගමාලා ශූරතාවය කණ්ඩායමක් මෙලෙස පූර්ණ ලෙස ජයග්‍රහනය කළ පළමු අවස්ථාව මෙයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...