ඉන්දියාවේ වංචාව ගැන එංගලන්ත නායකයා කණස්සල්ල පල කරයි

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේදී පන්දුවක් හිස් ආවරණයේ වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයකට මුහුණ දුන් ශිවම් ඩූබේ වෙනුවට ඉන්දීය කණ්ඩායම විසින් හර්ෂිත් රානා කණ්ඩායමට ආදේශ කිරීමට (concussion substitute) ගත් පියවර සම්බන්ධයෙන් එංගලන්ත නායක ජොස් බට්ලර් සිය අප්‍රසාදය පල කර තිබෙනවා.

පූනේහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිම වෙනුවෙන් ඩූබේ පන්දු 34 කින් ලකුණු 53 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 7ක් සමගින්.

කෙසේ වෙතත්, ඉනිමේ 19.5 වැනි පන්දුවේදී ජෙමී ඕවර්ටන් යොමු කළ පැයට කිලෝ මීටර් 141.5 ක වේගයෙන් යුත් කෙටි පන්දුවක් ඔහුගේ හිස් ආවරණයේ වැදුණු අතර, ඒ හේතුවෙන් ඔහු එංගලන්ත ඉනිමේදී පන්දු රැකීම සදහා පිටියට පිවිසියේ නැහැ.

ඩූබේ කම්පන තත්ත්වයකින් පසුවන බැවින් ඔහු වෙනුවට හර්ෂිත් රානා කණ්ඩායමට ආදේශ කෙරුණු අතර, ඒ සදහා තරග තීරක ජවගල් ශ්‍රීනාත්ගේ අනුමැතිය හිමිව තිබුණා.

මෙවැනි අවස්ථාවක ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමේදී ආදේශ කිරීමට ලක්වන ක්‍රීඩකයා, කම්පන තත්ත්වයට මුහුණ දුන් ක්‍රීඩකයා දක්වන දක්ෂතාවලට සමාන (like-for-like replacement) අයෙකු විය යුතුයි.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී ගැටලුව වූයේ පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ශිවම් ඩූබේ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන හර්ෂිත් රානා කණ්ඩායමට ආදේශ කිරීමයි.

එය සමාන දක්ෂතා ඇති ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර සිදු වූ ආදේශ කිරීමක් නොවන බවයි ජාත්‍යන්තර විස්තර විචාරකයින් ද පෙන්වා දුන්නේ.

තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් එංගලන්ත නායක ජොස් බට්ලර් අදහස් පල කළ අතර, ඔහු ද පෙන්වා දුන්නේ අදාළ ආදේශ කිරීම සමාන දක්ෂතා සහිත ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර සිදු වූවක් නොවන බවයි.

“එය සමාන ආදේශ කිරීමක් නෙවෙයි. අපි එයට එකග වෙන්නේ නැහැ.” යනුවෙන් ලකුණු 15ක පරාජයක් ලැබීමෙන් පසුව බට්ලර් කියා සිටියා.

“එක්කෝ ශිවම් ඩුබේ පන්දුවෙන් පැයට සැතපුම් 25ක් විතර වේගය වැඩි කර ගෙන ඇති, නැත්නම් හර්ෂිත් එයාගේ පිතිකරණය දියුණු කරගෙන ඇති. ඒක ක්‍රීඩාවේම කොටසක්, අපිට ඇත්තටම තරගය දිනන්න තිබුණා, නමුත් අපි ඒ තීරණයට එකඟ නැහැ.”

ඩූබේ වෙනුවට කණ්ඩායමට ආදේශ කළ හර්ෂිත් රානා මෙම තරගයේදී ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගනිමින් ඉන්දීය ජයග්‍රහනයට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...