ලකුණු 15 ක ජයකින් ඉන්දියාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 15ක ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම (3-1) ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(31) සමත් වුණා.

පූනේහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත්තා.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 12 දී බිද වැටුණු නමුත්, හර්ඩික් පාන්ඩ්යා පන්දු 30 කින් ලකුණු 53 ක් ද, ශිවම් ඩූබේ පන්දු 34 කින් ලකුණු 53 ක් ද රැස් කරමින් ඉන්දියාව ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේදී සකිබ් මහ්මූද් ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත්තා. ජෙමී ඕවර්ටන් කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 32 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

හැරී බෘෘක් පන්දු 26 කින් ලකුණු 51 ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් සමගින්. බෙන් ඩකට් ලකුණු 39(19) යි.

පන්දු යැවීමේදී රවී බිෂ්නෝයි ලකුණු 28 කට කඩුලු 3 ක් ද, හර්ෂිත් රානා ලකුණු 33 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...