ඔස්ට්‍රේලියානු ප්‍රබලයෙක්ට ශූරයින්ගේ කුසලානය අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ට එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව හට ගෙන ඇති ආබාධයක් හේතුවෙන්.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියානු සංචිතයට නම් කිරීමට ඉදිරියේදී එරට තේරීම් කමිටුව පියවර ගනු ඇති.

ඉන්දියාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී ඔහු මෙම ආබාධයට ගොදුරු වී තිබූ අතර, එම තරගාවලියේදී ඔහු එම ආබාධය කලමනාකරණය කර ගනිමින් ක්‍රීඩා කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ඔහුට එම ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා. ඔහු වෙනුවට 5 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ බෙයු වෙබ්ස්ටර්.

මාෂ් පුනරුත්තාපන කටයුතුවල නිරතව සිටියද ඔහුගේ ආබාධය සුව අතට හැරීමක් එහිදී සිදුව නැහැ. ඒ අනුව ඔහුට ඉදිරියේදී තවදුරටත් විවේක ගැනීමට හා පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට සිදු වනවා.

මිචෙල් මාෂ් ජනවාරි 7 වැනිදා පැවැති බිග් බෑෂ් ලීග් තරගයකදී Perth Scorchers කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිසි නමුත්, එම තරගයේදි ඔහු Melbourne Renegades කණ්ඩායම හමුවේ ලකුණු බින්දුවට දැවී ගියා.

නිත්‍ය නායක පැට් කමින්ස් ද මේ වන විට ආබාධයකට ලක්ව සිටින බැවින් කමින්ස්ට ශූරයින්ගේ කුසලානය අහිමි වුවහොත්, ඔහු වෙනුවට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම විස්සයි 20 නායක මිචෙල් මාෂ්ට පැවරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, මාෂ් ද තරගාවලියෙන් ඉවත්ව ඇති බැවින්, කමින්ස්ට ශූරයින්ගේ කුසලාන තරගාවලිය අහිමි වුවහොත් ස්ටීවන් ස්මිත්ට ඔස්ට්‍රේලියානු පිල මෙහෙයවීමේ වගකීම බොහෝ දුරට පැවරීමට ඉඩ තිබෙනවා.

ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට පාකිස්තානයේදී හා ඩුබායිහීදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...