තෙවැනි දිනයට වැස්සෙන් දැඩි බාධා – ශ්‍රී ලංකාව 518 ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද(31) දිනයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වීම හේතුවෙන් අද දිනය පන්දුවාර 27 කට සීමා කිරීමට සිදු වුණා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටි අතර, ඔවුන් දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 136 ක්.

අද දිනයේදී කමිදු මෙන්ඩිස් ලකුණු 15 කටත්, නායක ධනංජය ද සිල්වා ලකුණු 22 කටත් දැවී ගියා. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 63 ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 10 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් හා මැතිව් කුහ්නෙමන් කඩුලු 2 බැගින් දවා ගත් අතර, නේදන් ලයන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු හයක් දැවී ලකුණු 654 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට තවත් ලකුණු 518 ක් පිටුපසින් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...