Watch : වසර 13 කට පසු දේශීය පළමු පෙල පිටියට ආ කෝලිගේ පිට ඉන්න විසි වූ හැටි

Date:

ඉන්දියාවේ ප්‍රමුඛතම පළමු පෙල තරගාවලිය වන රංජි කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා වසර 13 කට පමණ පසුව පිටියට පිවිසි ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ලකුණු හයකට දවා ගැනීමට Himanshu Sangwan අද(31) සමත් වුණා.

මෙම තරගය Delhi කණ්ඩායම හා Railways කණ්ඩායම අතර දිල්ලිහීදීයි පැවැත්වෙන්නේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Railways කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 241 ක් ලබා ගත්තා.

පිළිතුරු දිල්ලි ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසයි කෝලි පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ලකුණු හයකට දැවී ගියේ.

මෙම තරගයට කෝලි ක්‍රීඩා කරන බැවින් තරගය නැරඹීම සදහා දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් පිරිසක් ද රැස්ව සිටිනවා.

පසුගිය කාලයේදී ඉන්දීය කණ්ඩායම දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෑතකදී ඉන්දීය ක්‍රීඩකයින් සදහා නව නීති 10 ක් පැනවීමට කටයුතු කළා. ඒ අනුව මධ්‍යම කොන්ත්‍රාත් හිමි ක්‍රීඩකයින්ට දේශීය තරග ක්‍රීඩා කිරීම ද අනිවාර්යය කිරීමට පියවර ගෙන තිබූ අතර, ඒ අනුවයි කෝලි මෙම තරගය සදහා ක්‍රීඩා කරන්නේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...