BPL අර්බුදය විසදන්න බංග්ලාදේශ රජයත් මැදිහත් වෙයි

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින්ට ගෙවීම් නිසි වේලාවට සිදු නොකිරීම සම්බන්ධයෙන් කරුණු සෙවීම සදහා බංග්ලාදේශ රජය කමිටුවක් පත් කර තිබෙනවා.

එරට ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කළේ එම කමිටුවට පුද්ගලයින් තිදෙනෙකු නම් කර ඇති බවයි.

“කොන්ත්‍රාත්තු අනුව ගෙවීම් සිදු නොකළහොත්, BCB සහ BPL හරහා රටේ ප්‍රතිරූපයට හානි සිදුවනු ඇත.” යනුවෙන් ක්‍රීඩා අමාතංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.

ජාතික ක්‍රීඩා කවුන්සලයේ අධ්‍යක්ෂ Humayun Kabir, සහාය අධ්‍යක්ෂ Sajia Afrin හා සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම් Saiful Islam මෙම කමිටුවට පත් කර තිබෙනවා.

මෙම කමිටුව දින 7ක් තුළ සිය වාර්තාව ක්‍රීඩා අමාත්‍යංශයට භාර දිය යුතුයි.

ගෙවීම් ලබා නොදීම හේතුවෙන් Durbar Rajshahi කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් තරග වර්ජනය කිරීමට මීට පෙර පියවර ගත් අතර, ඊට පෙර ඇතැම් ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතු ද වර්ජනය කර තිබුණා.

පසුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ එම කණ්ඩායමට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...