SSC බේරා ගන්න ශ්‍රී ලංකා ප්‍රබලයින් තිදෙනෙක් විදෙස් ලීගයක් අතරමග අත්හැර දිවයිනට

Date:

චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු හා දසුන් ශානක සිය International League T20 කොන්ත්‍රාත් ගිවිසුම් අතරමග අත්හැර දමමින් යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ, මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන එස්.එස්.සී කණ්ඩායම පහළ ස්ථරය (Tier) දක්වා ඇද වැටීමේ අවධානමෙන් ගලවා ගැනීමේ අරමුණින්.

මේ වන විට තරග පහක් ක්‍රීඩා කර කිසිදු තරගයක් ජය ගෙන නොමැති එස්.එස්.සී කණ්ඩායම B කාණ්ඩයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේයි.

ඒ අනුව ඉතිරි තරග ජය නොගතහොත් ඔවුන්ට මීළග තරග වාරයේදී පහළ ස්ථරය දක්වා පහතට ඇද වැටීමට සිදු වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

ඒ හේතුවෙනුයි චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු හා දසුන් ශානක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 තරගාවලිය අත්හැර යළි දිවයිනට පැමිණ මේජර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔවුන් තිදෙනා හෙට(31) දිනයේදී මුවර්ස් ක්‍රීඩා සමාජය සමග පැවැත්වෙන තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...