T20I පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ වෙනස් වෙයි

Date:

නවතම අයි.සී.සී පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය යළි දිනා ගැනීමට එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක අඩිල් රෂීඩ් සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි 20 තරගාවලියේදී ඔහු මෙතෙක් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඔහු පළමු වරට විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පත් වූයේ 2023 වසර අවසානයේදීයි.

මෙතෙක් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ පසු වූ කොදෙව් දග පන්දු යවන ක්‍රීඩක අකීල් හොසෙයින් මේ වන විට දෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. වනිදු හසරංග තෙවැනි ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා.

ඉන්දියාවේ වරුන් චක්‍රවර්තී 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 25 කින්. එංගලන්තයේ ජොෆ්ර ආචර් ස්ථාන 13 කින් ඉදිරියට පැමිණෙමින් මේ වන විට රැදී සිටින්නේ 6 වැනි ස්ථානයේයි.

මහීෂ් තීක්ෂණ 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...