කොදෙව්වන්ට ඓතිහාසික ටෙස්ට් ජයක් – පාකිස්තානය ටෙස්ට් ශූරතාවලියේ අවසන් ස්ථානයට ඇද වැටෙයි

Date:

1990 වසරෙන් පසුව පළමු වරට පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(27) සමත් වුණා.

මුල්තාන්හි පැවැති තරගයේ තෙවැනි දිනය වූ අද දිනය ආරම්භයේදී තරගය ජය ගැනීම සදහා ලකුණු 254 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 76 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 133 ක් පමණයි.

බාබර් අසාම් ලකුණු 31 කට දැවී ගිය අතර, මොහමඩ් රිස්වාන් ලකුණු 25 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ජොමෙල් වොරිකන් ලකුණු 27 කට කඩුලු පහක් දවා ගත්තා. කෙවින් සින්ක්ලයාර් කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 61 ක් ලබා දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 163 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස පාකිස්තානය රැස් කළේ ලකුණු 154 ක් පමණයි. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 244 ක් ලබා ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා. මෙම පරාජයත් සමග පාකිස්තානයට මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් කිරීමට සිදු වූයේ අවසන් ස්ථානයට පත් වෙමින්. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...