වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

Date:

2024 වසරට අදාළ ICC වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක අස්මතුල්ලාහ් ඔමර්සායි සමත්ව තිබෙනවා.

එම සම්මානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් හා වනිදු හසරංග ද මෙවර නිර්දේශ කර තිබුණා.

2024 වසරේදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම එක්දින තරගාවලි පහක් ක්‍රීඩා කර ඉන් තරගාවලි 4 ක් ජය ගත්තා. පරාජයට පත් වූයේ ශ්‍රී ලංකාව හමුවේ පමණයි.

එහිදී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ 24 හැවිරිදි අස්මතුල්ලාහ් ඔමර්සායි 2024 වසරේදී ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හා කඩුලු සංඛ්‍යාවක් දවා ගත් ක්‍රීඩක ලැයිස්තු දෙකේම දෙවැනි තැන හිමි කර ගත්තා.

පසුගිය වසරේදී එක්දින තරග 14 ක් ක්‍රීඩා කළ ඔමර්සායි ලකුණු 417 ක් වාර්තා කර ඇති අතර, දවා ගෙන ඇති කඩුලු ගණන 17 ක්.

ලකුණු ලබා ගැනීමේ ඉනිමක සාමන්‍ය 52.12 ක් ලෙසත්, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.47 ක් ලෙසත් සටහන්ව තිබෙනවා.

ඔහු දැක් වූ මෙම දක්ෂතා හේතුවෙන් චරිත් අසලංකගේ නායකත්වයෙන් නම් කෙරුණු 2024 වසරේ අයි.සී.සි එක්දින කණ්ඩායම සදහා ද ඔමර්සායි ඇතුළත් කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...