“වේදනාවක් නැහැ” කුහ්නෙමන් ශ්‍රී ලංකා තරග සංචාරයට සූදානම්

Date:

ආබාධයට ලක් වූ සිය දකුණු මාපටැගිල්ලෙන් මේ වන විට වේදනාවක් නොදැනෙන බව ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක මැතිව් කුහ්නෙමන් පවසනවා.

බ්‍රිස්බේන්හීදී තමන් පන්දු යැවීමේ, පිතිකරණයේ හා පන්දු රැකීමේ කටයුතු සිදු කළ අතර, එහිදී තමන්ට වේදනාවක් නොදැනුණු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා එක්වීම වෙනුවෙන් තමන්ට නිල වශයෙන් අවසර ලැබෙන තෙක් තමන් මේ වන විට බලා සිටින බව ඔහු සදහන් කළා.

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී ඔහු මෙම ආබාධයට ලක් වූ අතර, පසුව ශල්‍යකර්මයකට මුහුණ දීමට ද ඔහුට සිදු වුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් අද(24) දිවයිනට පැමිණීමට නියමිතයි. මෙම සංචාරයේදී ඔස්ට්‍රේලියානු සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා වමත් දග පන්දු යවන ක්‍රීඩක මැතිව් කුහ්නෙමන්ගේ දායකත්වය ඉහළ මට්ටමකින් ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වනවා.

මේ වන විට ඔස්ට්‍රේලියානු පිල ශ්‍රී ලංකා සංචාරයට සූදානම් වීම සදහා රැදී සිටින්නේ ඩුබායි නුවරයි. ඒ අනුව ඩුබායිහි රැදී සිටින ඔස්ට්‍රේලියානු වෛද්‍ය කමිටුවෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව කුහ්නෙමන් ශ්‍රී ලංකා සංචාරය සදහා එක්වීමට අපේක්ෂාවෙන් පසුවනවා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 29 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...