ඔස්ට්‍රේලියාව 10-0 ක් ලෙස අළුබදුන ජය ගනියි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමවේදය යටතේ ලකුණු හයක ජයක් ලබමින් අළුබදුන ශූරතාවය ජයග්‍රහනය කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට විස්සයි 20 තරගාවලිය ද තරග 2-0 ක් ලෙස ජය ගෙන අවසන්. ඒ අනුව ප්‍රසාද ලකුණු 10-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව මේ වන විට අළුබදුන කුසලානයේ ජයග්‍රහනය තහවුරු කර ගැනීමටයි සමත්ව ඇත්තේ.

තෙවැනි විස්සයි 20 තරගය හා ටෙස්ට් තරගය පැවැත්වීමට තවමත් ඉතිරිව ඇති පසුබිමක ඔවුන් මෙලෙස යළිත් අළුබදුන ශූරතාවය හිමි කර ගත්තා.

කැන්බරාහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක් දැවී ලකුණු 185 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ඉනිමට පන්දුවාර 19.1 ක් අවසානයේ වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වන විට එංගලන්තය කඩුලු 4 ක් දැවී ලබා සිටියේ ලකුණු 168 ක් පමණයි. ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමයට අනුව එම අවස්ථාව වන විට තරගය ජය ගැනීමටනම් එංගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත යුතුව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...