පාකිස්තානය ඉවතට – නයිජීරියාව හා ඇමෙරිකාව සුපිරි 6 වටයට

Date:

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පාකිස්තාන යොවුන් කාන්තා කණ්ඩායමට අහිමි වුණා. ඒ, තරගාවලියේ 21 වැනි තරගයේදී ඔවුන් අයර්ලන්තය හමුවේ ලැබූ පරාජයත් සමගයි.

වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 9කට සීමා වූ එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 69 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 59 ක් පමණයි.

ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමය යටතේ පාකිස්තානය තරගය ජය ගැනීමට ලබා ගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 73 ක්. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමවේදය යටතේ ලකුණු 13 ක ජයක් හිමි කර ගත් අයර්ලන්තය සුපිරි 6 වටයට සුදුසුකම් ලැබුවා. පාකිස්තානය මෙවර තරගාවලියේදී තරග දෙකක් පරාජයට පත් වූ අතර, ඇමෙරිකාව සමග පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

ඒ අනුව B කාණ්ඩයෙන් සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තේ එංගලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය හා අයර්ලන්තයයි.

C කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව, නයිජීරියාව හා නවසීලන්තය යන රටවල් සුපිරි 6 වටයට සුදුසුකම් ලබා ගත්තා. එම අවස්ථාව අහිමි වී ගියේ සැමෝවා කණ්ඩායමටයි.

D කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගනිද්දී නේපාලයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව මේ වන විටත් සුපිරි හය වටයට සුදුසුකම් ලබා ඇති අතර, මැලේසියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර අද පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ද සුපිරි හය වටයට සුදුසුකම් ලබනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...