ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරදියි – කොදෙව්වන් සුපිරි හයට සුදුසුකම් ලබයි

Date:

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අදින් අවසන් වුණා.

ඒ, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගයත් සමගින්. එම තරගයෙන් ඉන්දීය යොවුන් කාන්තා පිලට ලකුණු 60 ක ජයක් හිමි වුණා.

ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 118 ක් ලබා ගත්තා.

Gongadi Trisha ලකුණු 49 ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ප්‍රමුදි මෙත්සරා, ලිමන්සා තිලකරත්න හා අසේනි තලගුනේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 58 ක් පමණයි.

රශ්මිකා සෙව්වන්දි ලකුණු 15 ක් ලබා ගත් අතර, වෙනත් කිසිදු පිතිකාරිණියක් ලකුණු 10 සීමාවට ළගා වූයේ නැහැ.

පන්දු යැවීමේදී Shabnam Shakil, VJ Joshitha හා Parunika Sisodia කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, අද පැවැති තවත් තරගයකින් සත්කාරක මැලේසියාව පරදා ලකුණු 53 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව A කාණ්ඩයෙන් සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තේ ඉන්දියාව, ශ්‍රී ලංකාව හා කොදෙව් යන රටවල්.

B කාණ්ඩයෙන් සුපිරි හය වටයට එංගලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය හා අයර්ලන්තය සුදුසුකම් ලබා ගත්තා. පාකිස්තානයට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වීම කැපී පෙනුණා.

C කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව, නයිජීරියාව හා නවසීලන්තය යන රටවල් සුපිරි 6 වටයට සුදුසුකම් ලබා ගත්තා. එම අවස්ථාව අහිමි වී ගියේ සැමෝවා කණ්ඩායමටයි.

D කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගනිද්දී නේපාලයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...