බිනුර ප්‍රනාන්දු BPL තරගයක් වර්ජනය කරයි

Date:

Chittagong Kings කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ අද(22) පැවැති තරගාවලියේ 29 වැනි තරගය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

තිසර පෙරේරා නායකත්වය දරන Dhaka Capital කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැති අතර, සිය ගෙවීම් ලබා දීමට මෙතෙක් බලධාරීන් කටයුතු නොකිරීමට විරෝධය පල කිරීමක් ලෙසයි බිනුර අද තරගය වර්ජනය කර ඇත්තේ.

බිනුර ප්‍රනාන්දු මෙවර BPL තරග වාරයේදී තරග 3ක් ක්‍රීඩා කළා. එහිදී ඔහු පිළිවෙලින් 14/1, 22/0 හා 19/1 ක් ලෙස දක්ෂතා දක්වනු ලැබුවා.

ඔහු අද තරගයෙන් ඉවත් වුවද, තවදුරටත් Chittagong Kings සංචිතය සමග රැදී සිටින බව සදහන්.

මීට පෙර Durbar Rajshahi කණ්ඩායමේ ක්‍රීඩකයින් ද පුහුණු සැසියක් පවා වර්ජනය කරමින් ගෙවීම් ලබා නොදීමට එරෙහිව සිය විරෝධය පල කළා.

තරගාවලියේ නීති රිති අනුව තරගාවලිය ආරම්භ වීමට පෙර සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයින්ට වැටුපෙන් 50% ක මුදලක් ලබා දිය යුතු අතර, තරගාවලිය ක්‍රියාත්මක වන අතරතුරදී තවත් 25%ක මුදලක් ලබා දිය යුතුයි. ඉතිරි 25% ලබා දිය යුතු වන්නේ තරගාවලිය අවසන් වීමෙන් අනතුරුවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...