පළමු T20I තරගයෙන් ඉන්දියාවට කඩුලු හතක ජයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(22) සමත් වුණා.

කොල්කටාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 132 ක් පමණයි.

හුදෙකලා සටනක නිරත වූ ජොස් බට්ලර් ලකණු 68(44) ක් රැස් කළ අතර, හැරී බෘෘක් ලකුණු 17 යි. පන්දු යැවීමේදී වරුන් චක්‍රවර්තී ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අර්ෂ්දීප් සිං, හර්ඩික් පාන්ඩ්යා හා අක්සාර් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 3 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 12.5 ක් අවසානයේදීයි.

අභිෂේක් ෂර්මා පන්දු 34 කින් ලකුණු 79 ක් ලබා ගත්තේ හයේ පහර 8ක් හා හතරේ පහර 5 ක් සමගින්. සංජු සැම්සන් ලකුණු 26 යි.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් ලකුණු 21 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...