විශිෂ්ඨ ජයග්‍රහන දෙකක් සමග ශ්‍රී ලංකාව හා ඉන්දියාව සුපිරි හය වටයට

Date:

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද(21) සමත් වුණා.

ඒ, තරගාවලියේ 15 වැනි හා 16 වැනි තරගවලදී පිළිවෙලින් බටහිර ඉන්දීය කොදෙව්වන් හා මැලේසියාව පරාජයට පත් කරමින්.

මේ වන විට ක්‍රීඩා කළ තරග දෙකම ජය ගත් ඉන්දියාව A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, ශ්‍රී ලංකාව ද තරග දෙකම ජය ගනිමින් දෙවැනි ස්ථානය හිමි කර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා – කොදෙව් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබා ගත්තා. එය වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ආරම්භක පිතිකාරිණියන් වූ සංජනා කාවින්දි ලකුණු 39(36) ක් හා සුමුදු නිසංසලා ලකුණු 19(22) ක් රැස් කළා. නායිකා මනුදි නානායක්කාර ලකුණු 41 ක් රැස් කළේ පන්දු 31 කින්. දැහැමි සෙනෙත්මා නොදැවී ලකුණු 31(25) යි.

පන්දු යැවීමේ දී Selena Ross ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් යොවුන් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 85 ක් පමණයි.

නායිකා Samara Ramnath ලකුණු 24 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී චමෝදි ප්‍රබෝදා ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තා.

අසේනි තලගුනේ ලකුණු 16 කට කඩුලු දෙකක් බිද හෙලූ අතර, ලිමන්සා තිලකරත්න ලකුණු 7 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන් මැලේසියාව පරදා ලකුණු 139 ක දැවැන්ත ජයක් වාර්තා කළා. එම තරගයේදී ද සාර්ථක පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා පිතිකාරිණියන් කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 162 ක්.

මෙවර තරගාවලියේදී මේ දක්වා ලකුණු 150 සීමාව පසු කර ලකුණු ලබා ගැනීමට සමත්ව ඇති එකම රට වන්නේ ශ්‍රී ලංකාව (දෙවරක්) පමණයි.

මේ අතර, තරගාවලියේ 16 වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් මැලේසියාව ලකුණු 31 කට දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 2.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව ක්‍රීඩා කරන තරගය එළඹෙන 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...