වසර 12 කට පසු කෝලි දේශීය පළමු පෙල ක්‍රිකට් පිටියට

Date:

වසර 12 කට පමණ පසුව විරාත් කෝලි යළි ඉන්දිවේ ප්‍රමුඛතම පළමු පෙල තරගාවලිය වන රංජි කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කෝලි දිල්ලි කණ්ඩායම නියෝජනය කරමින් Railways කණ්ඩායමට එරෙහිව ලබන 30 වැනිදා ආරම්භ වන තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ජනවාරි 23 වැනිදා දිල්ලි කණ්ඩායම සෞරාෂ්ට්‍ර කණ්ඩායම සමග තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇතත්, කෝලි එම තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ, එම තරගය සදහා රිෂාබ් පන්ට් හා රවීන්ද්‍ර ජඩේජා ක්‍රීඩා කරන බව ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි.

නමුත් බෙල්ල ආශ්‍රිත අබාධයකින් තමන් තවමත් සුවය ලබමින් සිටින බැවින් එම තරගය සදහා තමාට ක්‍රීඩා කළ නොහැකි බව කෝලි සදහන් කර තිබෙනවා. ඔහු ජනවාරි 8 වැනිදා මෙම ආබාධය වෙනුවෙන් එන්නතක් ද ලබා ගෙන තිබෙනවා.

රංජි කුසලාන තරගාවලිය යටතේ ජනවාරි 23 වැනිදා ආරම්භ වන තරග වටය සදහා රෝහිත් ෂර්මා, යශස්වි ජයිස්වාල්, ෂුබ්මන් ගිල් වැනි ක්‍රීඩකයින් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

පසුගිය කාලයේදී ඉන්දීය කණ්ඩායම දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා ඉන්දීය ක්‍රීඩකයින් සදහා නව නීති 10 ක් පැනවීමට කටයුතු කළා.

ඒ අනුව මධ්‍යම කොන්ත්‍රාත් හිමි ක්‍රීඩකයින්ට දේශීය තරග ක්‍රීඩා කිරීම ද අනිවාර්යය කිරීමටයි පියවර ගත්තේ.

යම් හේතුවක් මත දේශීය තරගයක් ක්‍රීඩා නොකර සිටීමටනම් ඒ සදහා තේරීම් කමිටුවෙන් අදාළ ක්‍රීඩකයා අවසර ලබා ගැනීමක් සිදු කළ යුතු වනවා.

කෝලි පසුගිය කාලය පුරාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සැලකිය යුතු දක්ෂතා දැක්වීමට ද සමත් වූයේ නැහැ. ඒ හේතුවෙන් මෙවර රංජි කුසලාන තරගාවලියේදී ඔහු දක්වන දක්ෂතා පිළිබද බොහෝ දෙනෙකු බලා සිටින බවට සැක නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...