මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2027 වසරේ සිට පුළුල් කෙරේ

Date:

ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව හයේ සිට 8 ක් දක්වා ඉහළ නැංවීමට තරගාවලියේ සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

2027 වසරේ සිට මෙලෙස කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ නැංවීමටයි අවධානය යොමු කර ඇත්තේ.

එහිදී තරගාවලිය කැනඩාව දක්වා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව Chicago, Philadelphia,  Atlanta හා Toronto යන නගර අතරින් නගර දෙකක් කේන්ද්‍ර කර ගනිමින් නව කණ්ඩායම් දෙක නිර්මාණය කරනු ඇති.

මේ වන විට ක්‍රීඩා කරන කණ්ඩායම් හයෙන් කණ්ඩායම් තුනක හිමිකාරීත්වය දරනු ලබන්නේ අයි.පී.එල් කණ්ඩායම් හිමිකරුවන් විසින්.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය සතුව මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තුළ ද කණ්ඩායම් පවතිනවා.

Seattle කණ්ඩායම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය යටතේයි පවතින්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...