මාලිංගගේ විසි එකේ මන්තරේ එළිදකියි – මාලිංග කරපු සංවේදී කතාව මෙන්න

Date:

“විසි එකේ මන්තරේ” නමින් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ලියන ලද පොත එළිදැක්වීම ඊයේ(20) රාත්‍රියේ සිදු කෙරුණා.

“මේ පොත අද එළියට දැම්මට පස්සේ, මම ඒ පොතේ තියෙන හැම පන්දුවකටම වග කියනවා. ඒකට හේතුව මම මේ පොත ලියලා තියෙන්නේ කාගෙන්වත් අහලවත්, TV එකෙන් බලලවත් නෙවෙයි. මම පන්දු යවලා අත්දැකීම් ලබලා ඒකෙ රිසාල්ට් එක දැනගෙන තමයි මම ලියලා තියෙන්නේ.” යනුවෙන් මෙම පොත සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාලිංග සදහන් කළා.

“මම හිතනවා පන්දු යවන්නෙක් විදිහට ලියපු පොත පිතිකරුවෙකුට වැදගත් වෙයි කියලා. ඒකට හේතුව පන්දු රකින අය ඉන්න විදිහ අනුව පිතිකරුට හැකියාවක් තියෙනවානම් මේ පන්දු යවන්නා මොන ලයින් එකේ මොන ලෙන්ත් එකට පන්දු යවයිද කියන එක, ඒක හරි ලේසියි, බැට් කරන්න කලින් අදුරගන්න තමන්ට තියෙන ඩැමේජ් එක මොකක්ද කියලා”

“මේ පොතේ ඒ පන්දු 21 සම්බන්ධයෙන් තියෙනවා. ඒ පන්දු 21 කට අවශ්‍ය පන්දු රකින්නන් ඉන්නේ කොහෙද කියලා තියෙනවා. එතකොට මම හිතනවා පන්දු යවන්නන්ට වගේම පිතිකරුවන්ටත් ඕනෑම ස්ථානයකදී ඕනෑම කන්ඩිෂන් එකකදී ඕනෑම පන්දුවක් තෝරාගෙන මෙන්න මේ වගේ ෆීල්ඩ් එකක් හැදුවොත් මෙයා වැඩිපුර මාව අවුට් කරන්න හදන්නේ මෙන්න මෙතනින්. එහෙම නැත්නම් ගැප් එකක් ඕපන් කරොත් ඇයි මට ගැප් එක ඕපන් කරලා තියෙන්නේ? එහෙනම් මට තියෙන රිස්ක් එක මොකක්ද කියලා හදුනා ගන්න පුලුවන්.”

“මම හිතනවා මේක මට ශ්‍රී ලංකා ක්‍රිකට් එකට දෙන්න පුලුවන් සහ මාත් එක්ක ක්‍රීඩා කරපු, මට නායකත්වය දිපූ, මට පුහුණු කරපු හැමෝටම දෙන්න පුලුවන් ලොකුම ගිෆ්ට් එක කියලා.” (පොත එළිදැක්වීමේ අවස්ථාවේදී මාලිංග කළ සම්පූර්ණ කතාවට අදාළ දර්ශන පහතින් නරඹන්න)

පොත එළිදැක්වීමේ අවස්ථාව සදහා ලසිත් මාලිංගගේ මව, පියා, බිරිද ඇතුළු පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියා.

ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුුහුණුකරු සනත් ජයසූරිය, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, මාවන් අතපත්තු, චමින්ද වාස්, වේග පන්දු පුහුණුකරුවන් වන චම්පක රාමනායක, අනූෂ සමරනායක වැනි ප්‍රවීනයින් රැසක් මෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් රැසක් ද මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් එක් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...