ලක්නව් සුපර් ජයන්ට්ස් නායකත්වය රිෂාබ් පන්ට්ට

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස රිෂාබ් පන්ට් පත් කර තිබෙනවා.

ඔහුව මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 27 ක වාර්තාගත මුදලකට ලක්නව් කණ්ඩායම මිලදී ගත් අතර, එය අයි.පී.එල් වෙන්දේසි ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළම මිලයි.

මීට පෙර ලක්නව් කණ්ඩායමේ නායකයා ලෙස කේ එල් රාහුල් කටයුතු කළා. 2022 වසරේදී ලක්නව් කණ්ඩායම අයි.පී.එල් තරග බිමට පිවිසීමෙන් අනතුරුව මේ දක්වා පැවැති තරගාවලි තුනේදීම නායකයා ලෙස ඔහු කටයුතු කළ අතර, පළමු අදියර දෙකේදීම එම කණ්ඩායම අවසන් වටය දක්වා රැගෙන යාමට රාහුල්ට හැකි වුණා.

කෙසේ වෙතත්, පසුගිය තරගාවලියේදී ලක්නව් කණ්ඩායමට 7 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමටයි සිදු වුණේ.

රිෂාබ් පන්ට් 2016 වසරේ සිට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, ඔහු එම කණ්ඩායමේ නායකත්වයට පත් වූයේ 2021 වසරේදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...