ලකුණු 57 ක ජයකින් අළු බදුන ශූරතාවය ඔස්ට්‍රේලියාව රැක ගනියි

Date:

එංගලන්තය සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 57 ක ජයක් වාර්තා කරමින් කාන්තා අලුබදුන ශූරතාවය තවදුරටත් තමන් සන්තකයේ රදවා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද(20) සමත් වුණා.

සිඩ්නිහීදී පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියාව ලැබූ මෙම ජයත් සමග මේ වන විට මෙවර කාන්තා අළු බදුන තරග මාලාව ප්‍රසාද ලකුණු 8-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවයි.

ඒ අනුව ඉතිරි තරග සියල්ල ඔස්ට්‍රේලියාව පරාජයට පත්වුවද, අළු බදුන ශූරතාවය ජයග්‍රහනය කිරීමට එංගලන්තයට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7 ක් දැවී ලකුණු 198 ක් ලබා ගත්තා.

Beth Mooney ලකුණු 75 ක් රැස් කළේ පන්දු 51 කින්. Lauren Bell හා Sophie Ecclestone කඩුලු 2 බැගින් බිද හෙලුවා.

එංගලන්තය පිළිතුරු ලෙස පන්දුවාර 16 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 141 ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ලකුණු 59(30) ක් රැස් කළ Sophia Dunkley. පන්දු යැවීමේදී Georgia Wareham ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...