පන්දු 27 ට අවිශ්ක ගහපු වාර්තාගත ලකුණු 81 හමුවේ සාජා පිලට සුපිරි ජයක්

Date:

International League T20 තරගාවලි ඉතිහාසයේදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් තරගාවලියේ 8 වැනි තරගයෙන් සාජා වොරියර්ස් කණ්ඩායමට කඩුලු පහක විශිෂ්ඨ ජයක් හිමි කර දීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා.

ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සමග පැවැති මෙම තරගය සාජාහීදී පැවැති අතර, ලකුණු 202 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාජා කණ්ඩායම වෙනුවෙන් අංක 3 පිතිකරු වූ අවිශ්ක පන්දු 27 කින් හයේ පහර 8 ක් හා හතරේ පහර 6ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 81 ක්.

ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 16 කින්. මීට පෙර International League T20 තරගාවලි ඉතිහාසයේදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කර තිබුණේ පන්දු 18 කින් එම කඩඉම පසු කළ ඩෙසට් වයිපර්ස් කණ්ඩායමේ අසාම් ඛාන්.

අවිශ්කගේ සුපිරි පිතිහරඹය හමුවේ සාජා කණ්ඩායම පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුලු පහක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ඩුබායි පිල ලකුණු 201 ක් රැස් කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි. ෂේයි හෝප් නොදැවී ලකුණු 83(52) යි. දසුන් ශානක ලකුණු 4 කට දැවී ගියා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙවීන් මැතිව් ක්‍රීඩා කළ අතර, ඔහු පන්දුවාර තුනක් පමණක් යොමු කරමින් ලකුණු 28 ක් ලබා දුන් නමුත් කිසිදු කඩුල්ලක් බිද හෙලුවේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...