WPL තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

2025 කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය පෙබරවාරි 14 වැනිදා සිට මාර්තු 15 වැනිදා දක්වා ක්‍රීඩාංගන 4කදී පැවැත්වීමට නියමිත බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

බරෝඩා (වඩෝදරා), බැංගලූරු, ලක්නව් හා මුම්බායිහීදී තරග පැවැත්වීමට තීරණය කර ඇති අතර, තරගාවලියේ පළමු තරගය අලුතින් ඉදි කරන ලද බරෝඩාහි BCA ක්‍රීඩාංගනයේදී ගුජරාට් ජයන්ට්ස් හා පසුගියවර ශූරතාවය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

බරෝඩාහී දී තරග හයක් ද, බැංගලූරුහීදී තරග අටක් ද, ලක්නව්හීදී තරග 4ක් ද, මුම්බායිහීදී තරග 4 ක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර තරගාවලිය සදහා ද යූපී වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරමින් චමරි අතපත්තු ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...