Watch: සෑම් කොන්ස්ටස් සමග ඡායාරූපයක් ගන්න ගිහිං වෙච්ච රිය අනතුර මෙන්න

Date:

සෑම් කොන්ස්ටස් යනු මෑත කාලයේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ක්‍රීඩකයෙකු බව නොරහසක්.

නිමා වූ බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ඔහු දැක් වූ ධනාත්මක පිතිහරඹ රටාව ඊට හේතු වුණා.

විශේෂයෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් සමග උණුසුම් වචන හුවමාරුවලට පවා පැටලුණු ඔහු සිය මංගල තරගයේදීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේ විරාත් කෝලි ඔහුගේ ශරීරයේ ගැටී ඇති වූ උණුසුම් තත්ත්වයත් සමගයි.

එවන් පසුබිමක මේ වන විට යළිත් වරක් ඔහු පිළිබද ක්‍රීඩාලෝලීන්ගේ අවධානයක් යොමුව ඇත්තේ සෑම් කොන්ස්ටස් නිසා සිදු වූ අපූර්ව අනතුරක් හේතුවෙනුයි.

කොන්ස්ටස් පුහුණුවීම් කටයුතු සදහා ගමන් කරමින් සිටි අවස්ථාවක මෙම අනතුරට මුහුණ දුන්නේ ක්‍රීඩාලෝලියෙක්. ඊට අදාළ වීඩියෝව මේ වන විට ලොව පුරා ක්‍රීඩාලෝලීන් අතර සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ආකාරයක් දැක ගත හැකියි.

එම වීඩියෝවට අනුව සෑම් කොන්ස්ටස් දුටු විගස ඔහු සමග ඡායාරූපයක් ගැනීමට අදාළ ප්‍රේක්ෂකයා උත්සාහ කරන ආකාරයක් දැක ගත හැකි වන අතර, ඒ වෙනුවෙන් එම ප්‍රේක්ෂකයා තමන් ධාවනය කරමින් තිබූ රථය රථගාලක ගාල් කිරීමට කටයුතු කළා.

අනතුරුව වහා රථයෙන් බැස ගත් එම පුද්ගලයා සෑම් කොන්ස්ටස් ගමන් කළ දිශාවට දිව ගිය නමුත්, ඔහුට සිය වාහනයේ අත් තිරිංග යෙදීමට එම අවස්ථාවේදී අමතක වූ බවක් දක්නට ලැබෙනවා.

ඒ හේතුවෙන් ඔහු රථයෙන් බසිනවාත් සමගම ඔහුගේ මෝටර් රථය ඉදිරියට ගමන් කළ අතර, එය එම පුද්ගලයා විසින් දකින්නේ සුළු වේලාවකට පසුවයි.

ඒ වන විටත් ඔහුට සිදු වීමට ගිය අනතුර වළක්වා ගැනීමට තරම් කාලයක් ඉතිරිව තිබුණේ නැහැ. ඒ අනුව ඉදිරියට ගමන් කළ රථය නතර වූයේ ඉදිරියේ නවත්වා තිබූ වෙනත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරුවයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...