ඉන්දියාවට ඇතුළු වෙන්න සකිබ් මහ්මූද්ට වීසා නොලැබීමෙන් අර්බුදයක්

Date:

වීසා ලබා ගැනීමේදී සිදුව ඇති ප්‍රමාදයක් හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක සකිබ් මහ්මූද්ට ඉන්දීය සංචාරයට පෙර අබුඩාබිහීදී පැවැත්වෙන පුහුණු කදවුරකට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත්, සිකුරාදා දිනයේදී සෙසු එංගලන්ත ක්‍රීඩකයින් කොල්කටා බලා පිටත්ව යාමට පෙර මෙම ගැටලුවට විසදුම් ලැබෙනු ඇති බවට එංගලන්ත ක්‍රිකට් ආයතනය විශ්වාසයෙන් පසුවනවා.

පාකිස්තාන සම්භවයක් සහිත එංගලන්ත ක්‍රීඩකයින්ට ඉන්දීය තරග සංචාරවල නිරත වීමේදී මෙවැනි වීසා ගැටලු ඇති වීම සාමාන්‍ය සිදුවීමක්.

පසුගිය වසරේදී එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක ශොයිබ් බෂියර්ට ද මේ ආකාරයෙන්ම වීසා ගැටලුවකට මුහුණ දීමට සිදු වූ අතර, ඒ හේතුවෙන් ඔහුට ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගය ද අහිමි වුණා.

එංගලන්ත විස්සයි 20 සංචිතයේ සිටින පාකිස්තාන සම්භවයක් සහිත අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වන අඩිල් රෂීඩ් හා රෙහාන් අහ්මඩ් මේ වන විටත් සිය වීසා ලබා ගෙන ඇති බව සදහන්.

ඉන්දීය සංචාරයට පෙර ජොෆ්ර ආචර්, ගස් ඇට්කින්සන්, බ්‍රයිඩන් කර්ස් හා මාර්ක් වුඩ් යන ක්‍රීඩකයින් සමග සකිබ් මහ්මූද් ද අබුඩාබිහීදී වේග පන්දු පුහුණු කදවුරට එක්වීමට නියමිතව සිටියා. වේග පන්දු උපදේශක ජේම්ස් ඇන්ඩර්සන් විසිනුයි එම පුහුණු කදවුර මෙහෙයවනු ලබන්නේ.

වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් සකිබ් මහ්මූද්ට සිය විදේශ ගමන් බලපත්‍රය භාර දීමට සිදුව ඇති අතර, ඒ හේතුවෙනුයි ඔහුට තවමත් අබුඩාබි බලා පිටත්ව යාමට නොහැකී ඇත්තේ.

ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය එළඹෙන 22 වැනිදා කොල්කටාහීදී ආරම්භ වීමට නියමිතයි. අනතුරුව දෙරට අතර එක්දින තරග 3ක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...