ICC Rankings : කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නවතම අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(8) නිවේදනය කළා.

ඊට අනුව එහි පන්දුවාර විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 26 කින් ඉදිරියට පැමිණීමට කුසල් පෙරේරා සමත්ව තිබීම විශේෂත්වයක්. ඒ, නවසීලන්තය සමග පැවැති තෙවැනි T20I තරගයේදී ඔහු පන්දු 46 කින් වාර්තා කළ ලකුණු 101 හේතුවෙන්.

පැතුම් නිස්සංක 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස ඇති අතර, කුසල් මෙන්ඩිස් 12 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.

වනිදු හසරංග පන්දු යවන්නන් අතර 3 වැනි ස්ථානයේ පසුවනවා. මහීෂ් තීක්ෂණ 6 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ එක් ස්ථානයකින්. නුවන් තුෂාර 26 වැනි ස්ථානය දක්වා ස්ථාන 9 කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්. මතීෂ පතිරණ සම 27 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ එක් ස්ථානයකින්.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි සම 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 29 කින් ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ ස්කොට් බෝලන්ඩ් සමත්ව තිබෙනවා. ඒ, ඔහු ඉන්දියාවට එරෙහි පස්වැනි ටෙස්ට් තරගයේදී කඩුලු 10 ක් දවා ගනිමින් දැක් වූ දක්ෂතාවය හේතුවෙන්.

පැට් කමින්ස් දෙවැනි ස්ථානය දක්වාත්, කාගිසෝ රබාඩා තෙවැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ ඇති අතර, ජොෂ් හේසල්වුඩ් 4 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස තිබෙනවා. ප්‍රභාත් ජයසූරිය තවදුරටත් රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේයි. අසිත ප්‍රනාන්දු 15 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ එක් ස්ථානයකින්.

ටෙස්ට් පිතිකරුවන් අතර 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් කමිදු මෙන්ඩිස් ඉදිරියට පැමිණ ඇති අතර, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා පිළිවෙලින් 14 වැනි හා 15 වැනි ස්ථාන දක්වා එක් ස්ථානය බැගින් පසුබැස තිබෙනවා. ඇන්ජෙලෝ මැතිව්ස් 21 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. දිමුත් කරුණාරත්න රැදී සිටින්නේ 25 වැනි ස්ථානයේයි.

ටෙම්බා බවුමා 6 වැනි ස්ථානය දක්වාත්, රිෂාබ් පන්ට් 9 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 3 බැගින්.

මේ අතර, එක්දින පිතිකරුවන් අතර පැතුම් නිස්සංක තවදුරටත් 10 වැනි ස්ථානයේ රැදී සිටින අතර, චරිත් අසලංක 13 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, කුසල් මෙන්ඩිස් 27 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ද පසුබැස තිබෙනවා. අවිශ්ක ප්‍රනාන්දු ස්ථාන 8 කින් ඉදිරියට පැමිණෙමින් මේ වන විට රැදී සිටින්නේ 58 වැනි ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...