යුනිස් ඛාන්ට ඇෆ්ඝනිස්තානයෙන් තනතුරක්

Date:

පාකිස්තාන හිටපු නායක යුනිස් ඛාන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ උපදේශක ලෙස එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පත් කර තිබෙනවා.

මීට පෙර 2022 වසරේදී ද ඔහු ඇෆ්ඝනිස්තාන කණ්ඩායම වෙනුවෙන් පුහුණු කදවුරක් සදහා එක් වූ අතර, දින 15 ක් පුරා අබුඩාබිහීදී පැවැති එම කදවුරට ක්‍රීඩකයින් 25 දෙනෙකු එක්ව සිටියා.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ යුනිස් ඛාන් පාකිස්තානයේදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇති බවයි. අනතුරුව තරගාවලිය නිමා වන තුරු ඔහු ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග රැදී සිටිනු ඇති.

මීට පෙර ඉන්දියාවේ පැවැති 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා උපදේශකවරයෙකු ලෙස ඉන්දියාවේ අජේ ජඩේජා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග එක්ව සිටි අතර, කොදෙව් දූපත්හීදී හා ඇමෙරිකාවේදී පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් හිටපු ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ පන්දු යැවීමේ උපදේශක ලෙස ඇෆ්ඝනිස්තාන පිල සමග කටයුතු කළා.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය පෙබරවාරි 19 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...