Watch : තීක්ෂණ දවා ගත් කඩුලු ත්‍රිත්වය මෙන්න

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද (8) සමත් වුණා.

හැමිල්ටන්හීදී පැවැත්වෙන තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් පැය දෙකහමාරක කාලයක් ප්‍රමාද වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගයේ එක් ඉනිමක් පන්දුවාර 37 කට සීමා කෙරුණු අතර, නවසීලන්තය කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 255 ක්.

එහිදී තීක්ෂණ ලකුණු 44 කට කඩුලු 4 ක් දවා ගත්තා. ඔහු කඩුලු ත්‍රිත්වයක් බිද හෙලුවේ නවසීලන්ත ඉනිමේ 35 වැනි පන්දුවාරයේ 5 වැනි හා 6 වැනි පන්දුවලදී හා 37 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීයි.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ මිචෙල් සැන්ට්නර්, නේදන් ස්මිත් හා මැට් හෙන්රි යන පිතිකරුවන්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යවන්නෙකු එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් 10 වැනි අවස්ථාව මෙයයි. මීට පෙර චමින්ද වාස් අවස්ථා දෙකකදී ද, ලසිත් මාලිංග අවස්ථා තුනකදී ද, ෆර්විස් මහරුෆ්, තිසර පෙරේරා, වනිදු හසරංග, ශෙහාන් මදුෂංක එක් අවස්ථාව බැගින් ද කඩුලු ත්‍රිත්වයන් බිද හෙලා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...