පාකිස්තානයට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා නොකිරීම හේතුවෙන් පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඔවුන් එම තරගයේදී පන්දුවාර පහක් යවා අවසන් කිරීමට නියමිත කාල සීමාවන් තුළදී අසමත් වී ඇති බවටයි විනිසුරුවන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් ක්‍රීඩකයින්ට පැනවීමටත්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු පහක් කපා හැරීමටත් තරග තීරක රිචී රිචර්ඩ්සන් තීරණය කර තිබෙනවා.

පාකිස්තාන නායක ශාන් මසූඩ් සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බව අයි.සී.සීය නිවේදනය කළා.

මෙම ටෙස්ට් තරගයෙන් පාකිස්තානයට කඩුලු 10 ක පරාජයක් හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...