ශ්‍රී ලංකා සංචාරයට පෙර ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කලමනාකරණය කරන හැටි අනාවරණය කෙරේ

Date:

ශ්‍රී ලංකා තරග සංචාරයට පෙර ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන ආකාරය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් ලකුණු 999,9 ක් ලබා සිටින ස්ටීවන් ස්මිත් ශ්‍රී ලංකා සංචාරයට පෙර BBL තරග 3 ක් ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත්, මර්නස් ලබුෂේන්ට හා උස්මාන් කවාජාට ක්‍රීඩා කිරීමට අවසර ලබා දී ඇත්තේ එක් BBL තරගය බැගින් පමණයි.

ට්‍රැවිස් හෙඩ් හා ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා සංචාරයට පෙර විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා.

ඇලෙක්ස් කෙරී, සෑම් කොන්ස්ටස්, බෙවු වෙබ්ස්ටර්, මිචෙල් මාර්ෂ් හා ජයි රිචර්ඩ්සන්ට ඉදිරි BBL තරග ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා දීමටයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ට්‍රැවිස් හෙඩ්, ස්කොට් බෝලන්ඩ්, පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, නේදන් ලයන් හා මිචෙල් ස්ටක්ට මෙවර බිග් බෑෂ් ලීග් තරග වාරයම අහිමි වනවා.

ශ්‍රී ලංකා සංචාරය සදහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයක් ඔස්ට්‍රේලියාව විසින් ඉදිරියේදී නම් කිරීමට ඉඩ ඇති බව සදහන්.

අනතුරුව එම සංචිතයේ ක්‍රීඩකයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දින කිහිපයක පුහුණු කදවුරකට ද එක්වීමට නියමිතයි.

මෙම සංචාරය සදහා පෞද්ගලික හේතුවක් මත නායක පැට් කමින්ස් එක් නොවනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...