රෂීඩ්ගේ කඩුලු 11 හමුවේ තරගාවලියේ ජය ඇෆ්ඝනිස්තානයට

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 72 ක ජයක් වාර්තා කරමින් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(6) සමත් වුණා.

බුලවායෝහීදී පැවැති තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේදී ලකුණු 278 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද දිනයේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205 ක් පමණයි.

දිනය ආරම්භ කරන විට සිම්බාබ්වේ පිල කඩුලු 8ක් දැවී ලකුණු 205 ක් ලබා සිටි අතර, ඔවුන්ට අද දිනයේදී කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වූයේ නැහැ. සිම්බාබ්වේ කණ්ඩායමේ අවසන් කඩුලු දෙක පන්දු 15 ක් තුළ දී දවා ගැනීමට අද දිනයේදී ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.

නායක ක්‍රෙයිග් අර්වින් අවසන් කඩුල්ල ලෙස ලකුණු 53 කට දැවී ගියා. බෙන් කරන් හා සිකන්ඩ රාසා ලකුණු 38 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේදී රෂීඩ් ඛාන් ලකුණු 66 කට කඩුලු 7ක් දවා ගත්තා. එය ඔහු ටෙස්ට් ඉනිමකදී දැක් වූ හොදම දක්ෂතාවයයි. ඒ අනුව ඔහු මෙම තරගයේදී දවා ගත් සමස්ත කඩුලු ගණන 11 ක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 157 ක් ලබා ගත් අතර, සිම්බාබ්වේ කණ්ඩායම පිළිතුරු ලෙස ලබා ගත් ලකුණු සංඛ්‍යාව 243 ක්.

ඇෆ්ඝනිස්තානය සිය දෙවැනි ඉනිමට ලකුණු 363 ක් රැස් කළා. එහිදී රහ්මත් ශාහ් හා ඉස්මත් අලාම් ශතක වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...