සයීම් අයුබ් ලන්ඩන් නුවරට පිටත් කර හැරීමට තීරණය කෙරේ

Date:

වළලුකර ආබාධයකට ලක්ව සිටින පාකිස්තාන ආරම්භක පිතිකරු සයීම් අයුබ් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා එංගලන්තයේ ලන්ඩන් නුවර වෙත පිටත් කර හැරීමට පාකිස්තාන ක්‍රිකට් බළධාරීන් තීරණය කර තිබෙනවා.

මේ දිනවල කේප් ටවුන්හීදී පැවැත්වෙන දකුණ අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී පන්දු රකිමින් සිටියදීයි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ.

ඔහු පාකිස්තාන සංචිතය සමග දකුණු අප්‍රිකාවේ තවදුරටත් රැදී සිටීමට නියමිතව ඇති බවත්, අනතුරුව පාකිස්තානය වෙත පැමිණීමට නියමිතව ඇති බවත්, මීට පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණා.

කෙසේ වෙතත්, මේ වන විට තීරණය කර ඇත්තේ ඔහුට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා ඔහුව ලන්ඩන් නුවර වෙත පිටත් කර හැරීමටයි.

මෙම ආබාධය හේතුවෙන් ඔහුට දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඔහුට සම්පූර්ණ සුවය ලැබීම සදහා සති හයක පමණ කාලයක් ගත වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...