බාබර්-මසූඩ්ගෙන් ද්විත්ව ශතක සම්බන්ධයක් ; පාකිස්තානය තවදුරටත් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

Date:

පාකිස්තාන නායක ශාන් මසූඩ් හා බාබර් අසාම් පළමු කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 205 ක අගනා සම්බන්ධතාවය ද පසෙකලා තවදුරටත් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි පාලනය තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

කේප් ටවුන්හි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය නිමා වන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුල්ලක් දැවී ලකුණු 213 ක් ලබා සිටියා. ඒ, පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලබා ගත් ලකුණු 615 ට පිළිතුරු ලෙස පාකිස්තාන පළමු ඉනිම ලකුණු 194 කට සීමා වූ පසුබිමකයි.

ශාන් මසූඩ් නොදැවී ලකුණු 102 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, බාබර් අසාම් ලකුණු 81 කට දැවී ගියා. කුරාම් ශෙහ්සාඩ් නොදැවී ලකුණු 8යි.

තෙවැනි දිනය ආරම්භ කරන විට පාකිස්තානය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 64 ක් ලබා සිටි අතර, ලකුණු 194 කට සීමා වූ පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 58 ක් ලබා ගත් බාබර් අසාම්. මොහමඩ් රිස්වාන් ලකුණු 46 කට දැවී ගියා.

පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා කඩුලු 3 ක් ද, ක්වේනා මාපාක හා කේශාව් මහරාජ් කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

මේ වන විට පාකිස්තානය ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා තවත් ලකුණු 208 ක් පිටුපසින් පසුවනවා. ආරම්භක පිතිකරු සයීම් අයුබ් පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්ව මෙම තරගයෙන් ඉවත් කර ඇති බැවින් පාකිස්තානය එක් පිතිකරුවෙකු නොමැතිවයි තරග වදිමින් සිටින්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...