Watch : කෝලි පිට පිට 8 වැනි වරටත් එකම විදිහට දැවී ගිය හැටි

Date:

මෙවර බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී 8 වැනි වරටත් එකම ආකාරයෙන් කඩුල්ලෙන් පිටුපසට උඩ පන්දුවක් ලබා දී දැවී යාමට ඉන්දීය පිතිකරු විරාත් කෝලිට අද(4) සිදු වුණා.

ඒ, සිඩ්නිහීදී පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද දිනයේදීයි(4).

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබා සිටි අතර, ඔවුන්ට අද දිනයේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 181 ක් පමණයි. ඒ, පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලබා ගත් ලකුණු 185 ට පිළිතුරු ලෙසයි.

අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස කෝලි ලකුණු හයකට දැවී ගියා.

ස්කොට් බෝලන්ඩ් යොමු කළ පන්දුවක් හමුවේ ස්ලිප් ක්‍රීඩක ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියේ.

ඒ අනුව මෙම තරගාවලියේදී කොලී දැවී ගිය සෑම අවස්ථාවකදීම ඔහු දැවී ගියේ කඩුල්ලෙන් පිටුපස රැදී සිටින පන්දු රකින්නෙකුට (කඩුලු රකින්නාට හෝ ස්ලිප් ක්‍රීඩකයින් අතට) උඩ පන්දුවක් ලබා දීමෙනුයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...